PhET පිලිබඳ
PhET ,විනෝද, නිදහස්, අන්තර්ක්‍රියාකාරී, පර්යේෂණ මත පදනම් වූ විද්‍යා සහ ගණිත අනුහුරුකරණ සපයයි. අධ්‍යාපන සඵලතාව තහවුරු කිරීම සඳහා අපි එක් එක් අනුහුරුකරණය පුළුල් ලෙස පරීක්ෂාවට හා ඇගයීමට ලක් කරමු. . මෙම පරීක්ෂා කිරීම් සඳහා ශිෂ්‍ය සම්මුඛ සාකච්ඡා සහ පන්ති කාමර තුල අනුහුරුකරණ භාවිතයේ නිරීක්ෂණයද ඇතුලත් වේ. අනුහුරුකරණ ජාවා , ෆ්ලෑෂ් හෝ HTML5 මගින් ලියා ඇත. මේවා මාර්ගගතව හෝ ඔබේ පරිගණකයට බාගත කර හෝ ක්‍රියාත්මක කල හැකිය. සියලු අනුහුරුකරණ විවෘත මූලාශ්‍ර වේ (අපේ මූල කේත බලන්න) . බහුවිධ අනුග්රාහකයන් මෙම සම්පත් සියලුම සිසුන් හා ගුරුවරුන් සඳහා නිදහස්ව තබා ගැනීමට PhET ව්‍යාපෘතියට සහයෝගය ලබා දෙයි. PhET යනු කුමක්ද? PhET අනුහුරුකරණ ගැන කෙටි හැඳින්වීමක්
PhET ගැන වීඩියෝ
ප්‍රදානPhET සම්මාන ගණනාවක් ලබන්නා බවට පත්වී ඇත:
PhET ගේ නිර්මාණ ගැන තවත්විමසීම් හරහා විද්‍යාව සහ ගණිතයෙහි සිසුන් නිරත කරවීම සඳහා උදව් කිරීමට, පහත සඳහන් නිර්මාණ මූලධර්ම භාවිතා කර PhET අනුහුරුකරණ සංවර්ධනය කර ඇත.
අනුහුරුකරණවල ඇති මෙවලම් කිහිපයක් අන්තර් ක්‍රියාකාරී අත්දැකීම් ලබාදෙයි :
පරිශීලකයන් මෙම මෙවලම් සමග අන්තර් ක්‍රියා ලෙස, සිදු කරන වෙනස් කම්වල ඇති බලපෑම ගැන ක්ෂණික ප්‍රතිපෝෂණ ලැබේ . මෙය ඔවුන්ට, හේතුව -සහ- බලපෑම පිලිබඳ සබඳතා විමර්ශනය කිරීමට හා අනුහුරුකරණ ගවේෂණය හරහා විද්‍යාත්මක ප්‍රශ්නවලට පිළිතුරු ලබා ගැනීමට ඉඩ සලසයි . වැඩි විස්තර සඳහා, අපගේ පර්යේෂණ පිටුව ට පිවිසෙන්න. |